(පාලිත ආරියවංශ සහ විජේරත්න රත්නායක )
නිවසේ මුළුතැන්ගෙය තුළදී ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් අද(10) මියගොස් ඇතැයි බදුල්ල පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ බදුල්ල පිංඅරාව කැප්පෙටිපෙල පාරේ පදිංචිව සිටි ධම්මිකා ප්‍රියන්ති රත්නායක නම් 44 හැවිරිදි තිදරු මවකි.
මියගිය අයගේ සැමියා විශ්‍රාමික යුද හමුදා සෙබළකු වන අතර ඔහු මේ වන විට විදෙස්ගත රැකියාවක යෙදෙන බවද මියගිය අය සිය දරු තිදෙනා සමඟ මෙම නිවසේ පදිංචිව සිටි බවද පැවසේ.
අද පෙරවරු 9.00 ට පමණ මෙම පිපිරීම සිදුවී ඇතැයි පැවසෙන අතර බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd