IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගැබිනි ගවදෙනක මරාදමන්න තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවට

(ප්‍රියානි මංගලිකා)

බිංගිරිය පොලිස් වසමේ  ගව හිමිකරුවෙකුට අයත් , සොරා ගන්නා ලද ගැබිනි ගව දෙනක මැරීමට තැත් කළ දෙදෙනෙකු  මගුරන්කඩවල පොල්වත්තකදී අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලීසිය අද (01)පැවසීය.
                     
බිංගිරිය පොලිස් වසමේ,වීරපොකුන ප්‍රදේශයේ පදිංචි ගව හිමියෙකු දැදුරුඔය ආසන්නයේ බැඳ සිටි ගැබිනි ගවදෙන ඉකුත් 29 දා අතුරුදහන් වී තිබිණි. ඒ බවට පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වීමේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
                     
බිංගිරිය ⁣ පොලිස් වසමේ ගැටලෑව සහ වෙල්ලංගිරිය  යන ප්‍රදේශ වල පදිංචි 18 වියැති සැකකාර තරුණයන්  දෙදෙනා  ගවදෙන ද සමග නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති  බව පොලීසිය පවසයි.
             
නිකවැරටිය  කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති පො .ප.රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශ ස්ථානාධිපති උ .පො.ප.අනුර ,පොලිස් සැරයන්වරුන් වන දිසානායක (33566),විජේවර්ධන (34208),සිරිවර්ධන (20923), පොලිස් කොස්තාපල් වරුන් වන කහවත්ත (36461),දිසානායක (95188) යන නිලධාරීහු වැටලීම කළහ.
                           
සිද්ධිය සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

ගැබිනි ගවදෙනක මරාදමන්න තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site