(හේමලතා ඩී හේවගේ)
දංකොටුව කිරිමැටියාන - පොතුවටවන මාර්ගයේ මඩවලපිටිය මංසන්ධිය ආසන්නයේ පිහිටි විශාල නුග ගසක් මාර්ගය මතට කඩා වැටීමෙන් එම ගස ආසන්නයෙන් ගමන්ගත් පාසල් සිසුවියක් තුවාල ලබා අද (14) මාරවිල මූලික රෝහලට ඇතුළත්කර ඇතිබව කොස්වත්ත පොලිසිය පවසයි.
පොතුවටවන මහා විද්‍යාලයේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම මෙම සිසුවිය පාසලේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී තවත් සිසුවියන් තිදෙනෙකු සමඟ නිවෙස්බලා යන අතරතුරදී මෙම අනතුර සිදුව ඇතිබව පොලිසිය කියයි.
අධික වර්ෂාවත් සමඟ හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන් උතුරු හාල්දඩුවන සහ බටහිර කහටවිල ග්‍රාම සේවා වසම් තුළ නිවාස පහකට හා දේපලවලට අර්ධහානි සහ අතුරු ප‍්‍රධාන මාර්ග කිහිපයක් මතට ගස්කඩා වැටී ඇතිබව දංකොටුව ප‍්‍රාදේශීය ලේකම් ඩිලාන් ගුණරත්න මහතා පැවසීය.
මේ හේතුවෙන් එම මාර්ගවල ගමනා ගමනයද සම්පූර්ණයෙන්ම ඇණහිටි ඇති බව පොලිසිය පැවසීය.
කොස්වත්ත පොලිසිය සහ ප‍්‍රදේශවාසින් මාර්ගවලට කඩා වැටී ඇති ගස් ඉවත්කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය කීය.


2025 දෙසැම්බර් මස 30
50
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගසක් කඩා වැටී පාසල් සිසුවියකට තුවාල