IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගව ඝාතකාගාරයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)
 
ආඩිගම, මදවක්කුලම ප්‍රදේශයේ දි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මීගවයන් හා එළගවයන් මස් කරමින් සිටි ස්ථානයක් වටලා අද (13)  පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.

මී හා එළ ගවයන් 30දෙනෙකුද පිහි ඇතුළු ආයුධ තොගයක් ද සිය බාරයට  ගත් බව පොලිසිය පවසයි.

රාත්‍රි කාලයේ දි ගවයන් ඝාතනය කරන බවට ලද තොරතුක් අනුව පුත්තලම ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේ නිලධාරීන් හා පල්ලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතන මධ්‍යස්ථානය හිමිකරු මෙහි ඝාතනය කරන සතුන් ගේ මාංශ කොළඹ ප්‍රදේශයට ගෙන ගොස් අලෙවි කරනු ලබන බවත්, සතුන් මැදවච්චිය සෙට්ටිකුලම ප්‍රදේශයේ සිට ගෙන එන බවත්, මෙම කටයුතු සඳහා හිමිකරු බලපත්‍ර ලබා ගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

සැකකරුවන් ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
පල්ලම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි. 



අදහස් (0)

ගව ඝාතකාගාරයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site