(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව අත්තංගනය ප‍්‍රදේශයේ අයියනන්කට්ටුව වැව අසළ ඉඩමක ගවයන් සහ එළ ගවයන් අටදෙනෙකු පටවා ප‍්‍රවාහනය කිරීමට සූදානම්ව තිබූ කුඩා ලොරි රථයක් පුද්ගලයින් 5දෙනෙකු සමඟ අද(14) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
සැකරුවන් අතර මුස්ලිම් ජාතිකයින් තිදෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු වන බව පොලිසිය කියයි.
සත්ව හිංසනය සිදුවන ආකාරයෙන් කුඩා ලොරි රථය තුළ මෙම ගවයන් බැඳ දමා තිබූ බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
මෙම පිරිස දීර්ඝ කාලයක සිට විවිධ ප‍්‍රදේශවලින් ගවයන් මිලට ගෙන මදවක්කුලම ප‍්‍රදේශයේ ගව ඝාතකාගාරයක් වෙත ප‍්‍රවාහනය කරන බවට තොරතුරු හෙළි වී ඇත.
සැකකරුවන් සහ ගවයින් සහිත ලොරි රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 30
121
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
751
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගවයන් අටදෙනෙකු පැටවූ ලොරියක් සමඟ 5ක් අල්ලයි