IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ගමන්මලු පැහැරගත් දෙදෙනෙකු අල්ලයි

(රන්න - චන්ද්‍රසේන ගමගේ)

තිස්සමහාරාම වීරවිල ප්‍රදේශයේදී විදේශීය යුවලක් සතු ගමන් මලු කිහිපයක් පැහැර ගෙන පලා ගිය බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංහයේ නිලධාරීන් විසින් අද (07) දින මාතරදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර පදිංචිකරුවෙකු හා බෙලිඅත්ත බෙලිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු  බව පොලීසිය කියයි.

ඉකුත් නොවැම්බර් මස 26 වැනි දින ඇල්ල නගරයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හා ඔහුගේ බිරිඳ සමග මිතුරු වී ඇති  අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ඇල්ල ප්‍රදේශයේ සිට කතරගම බලා විදේශීය යුවල සමග ගමන් කරන අතරතුරදී මෙම ගමන් මලු පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

විදේශීය යුවල සමග මොටර් රථයෙන් වීරවිලට පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා මෝටර්රථයේ කාර්මික දෝෂයක් ඇතැයි පවසා විදේශීය යුවල වාහනයෙන් බස්සවා ඇති බවත් අනතුරුව සැක කරුවන් වාහනයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

විදේශීය යුවල සතු ගමන් බලපත්‍ර, බැංකු කාඩ්පත්, පරිඝණක උපකරණ හා කැමරාද, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්ද ගමන්මලු  වල තිබී ඇත. විදේශීය යුවල සිද්ධිය වීරවිල පොලීසියට දැනුම්දීමෙන්  අනතුරුව තංගල්ල කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වා විදේශීය යුවලගෙන් පැහැර ගත් භාණ්ඩවලින් කොටසක් ඉකුත් 28 දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෝටලයක තිබී සොයාගෙන තිබේ. ඉන්අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් සැක කරුවන් දෙදෙනා අද (07) තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (3)

ගමන්මලු පැහැරගත් දෙදෙනෙකු අල්ලයි

chitrawick Saturday, 07 December 2019 04:45 PM

මේවා දැකලා සංචාරකයෝ තියා ලංකාවෙන් පිටරට ගිහින් ඉන්න අයටත් ලංකාව ගැනවත් කතාකරන්නේ කොහොමද ?

:       0       0

leel gunawardena Saturday, 07 December 2019 06:55 PM

ශ්‍රී ලංකා පොලිසිය ගැන ආඩම්බර වෙනවා. අනික් රටවල් වලට වඩා හොරු, මංකොල්ලකාරයන්, මිනීමරුවන් අල්ලනවා අල්ලනවාමයි. දේශපාලුවන් සම්බන්ධ නැති උනොත් ජය වේවා අපේ පොලිසියට !

:       0       0

ලුම්බිණි Sunday, 08 December 2019 12:04 AM

මෙවැනි අයට බරපතල දඬුවම් දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 471 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site