IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගංජා හේන් 04 ක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට


(දිලීප් ජයසේකර)
 
හම්බගමුව, අලුත්වැව, කිළිඹූන්න කැලෑ ප්‍රදේශයේ සිදුක වැටලීමකදී රුපියල් කෝටියක වටිනාකමකින් යුතු ගංජා හේන් 04ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින්  දින සවස සමත් වීය.
 
හම්බගමුව, අලුත්වැව, කිළිඹූන්න කැලෑ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ගංජා හේනක් පවත්වාගෙන යන බවට ලද ඔත්තුවකට අනුව සුරියවැව පොලිස් විශේෂ කාරිය බළකා නිළධාරී කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිදුකළ වැටලිමකදි මෙම ගංජා හේන් හතර සොයා ගෙන තිබේ.
 
අක්කර භාගය බැගින් වු ඉඩම් කැබලි 04ක ඉතා සූක්ෂම ලෙස සැකකරුවන් මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් තිබුණි.
 
සැකකරුවන් කෙසෙල් වගාකරන මුවාවෙන් මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් තිබේ.

මෙහිදි අඩි 10ක් පමණ උසට වැඩී නෙලීමට ආසන්නව තිබුණු අක්කර භාගයක එක් ගංජා හේනක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දිමට විශේෂ කාර්ය බළකා නිළධාරීන් කටයුතු කල අතර අඩි 4 හා 5 ප්‍රමාණයේ පැවති අනෙක් ගංජා හේන් තුන විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ගලවා ගිණි තබා විනාශ කෙරුණි.

අත්අඩංගුවට පත් ගංජා හේන් හතරෙහි වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි විශේෂ කාර්ය බලකා නිළධාරින් පැවසුවේ. ගංජා හේන් පවත්වාගෙන ගිය හම්බෙගමුව,අලුත්වැව පදිංචි 58 හැවිරිදි සිව් දරු පියෙකු හා 24 හැවිරිදි දෙදරු පියෙකු විශේෂ කාර්ය බළකා නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බෙගමුව පොලිස් ස්ථානයට බාර දි තිබේ.



අදහස් (0)

ගංජා හේන් 04 ක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site