
(ක.ග කරුණාරත්න)
ගංජා විකිණීමේ ජාවාරමක නිරතව සිටි 29 හැවිරිදි කාන්තාවක විකිණීමට සූදානම්කර තිබූ ගංජා සමඟ සුංගාවිල, පරණගමදී අද(31) අත් අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලීසිය කියයි.
මෙම එක් ගංජා කට්ටයක් රුපියල් 500කට අලෙවිකරන බව ඇය පොලීසියට ප්‍රකාශකර ඇත.
පොලීසියට ලැබුණු තොරතරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
දෙදරු මවක වන ඇය කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම ජාවාරම සිදුකර තිබෙන බව විමර්ශනවලදී අනාවරණයවූ බව පොලීසිය පැවැසීය.
සැකකාරිය අද(31)දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ. පුලස්තිපුර පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd