(ඉන්දිකා රාමනායක)
ගංජා ග්‍රෑම් 50ක් සමග පොලිසිය අත්අඩංගුවට පත් වූ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ ගෙවා මුදා හැරීමෙන් පසු රෝහල් ගත වී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 10.000ක කඩයක් නියම කර මුදාහැර ඇත.
මියයාමට කිසියම් සාපරාධි ක්‍රියාවක් හෝ අපරාධ ක්‍රියාවක් හේතු වුයේද යන්න මරණ පරීක්ෂණයේදී හෙළි වනු ඇති බව ද අජිත් රෝහණ මහතා කීය . ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු මෙහෙයවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කිවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.