(හේමලතා ඩී හේවගේ)
ගංජා ජාවාරම්කරුවෙකු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු හා ගංජා ග්‍රෑම් 15 ක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් වඩුමුන්නේගෙදර ,යායමුල්ල,කඳානේගෙදර හා දුංගල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් වයස අවුරුදු 18 ත් 28 ත් අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි.
ප්‍රධාන ජාවාරම්කරු කලක පටන් මෙම ජාවාරමේ නිරතව සිට ඇති අතර සුක්ෂම අයුරින් මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
සැකකරුවන් සමඟ නඩු භාණ්ඩ අද (27) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd