(වසන්ත චන්ද්‍රපාල සහ සී. ලියනආරච්චි)
බක්මිටියාව ගම්මානයේ නිවසක තිබූ ගංජා කිලෝ 7ක් සමග සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අම්පාර පොලීසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශයට ලැබුන තොරතුරක් අනුව ගම්මානයේ කළ මෙහෙයුමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මෙම ගංජා කපා දමා වේළමින් සිටි බවද පොලීසිය සඳහන් කරයි.
සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අම්පාර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පොලිසීය විසින් ආරම්භ කර ඇති වැඩසටහන යටතේ දිගින් දිගටම මෙම වැටලීම් කරන බව අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd