
(ඩී.ජී. සුගතපාල)
වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා ගෙනයමින් සිටි ගංජා කිලෝ එකයි, ග්‍රෑම් 285 ක් සමග සැකකරුවෙකු අද (04) අත්අඩංගුවට ගත් බව හියාරේ විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙලිජ්ජවිල පදිංචි සැකකරුවෙකි.
සැකකරු ගංජා අලෙවි කිරිමට ගෙන යන බවට දක්ෂිණ නාවික කඳවුරේ බද්ධි නිලධාරින්ට ලැබුණ තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා වැලිගම පොලිසියට බාරදි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd