
(ජයන්ත සමරකෝන්)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජී සිර වාට්ටුව අසළ පිටත භූමියේ වළ දමා තිබූ මාංචු යතුරක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ලැබුණු ඔත්තුවකට අනුව, සොයාගත් මෙම මාංචු යතුර ප්ලාස්ටික් බෝතලයක දමා වළ දමා තිබී ඇතැයි පැවසේ.
රැඳවියන් අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවක පලා යාමේ සූදානමක් සඳහා මෙම මාංචු යතුර වළ දමා තිබෙන්නට ඇතැයි සැකකෙරේ.
මෙම මාංචු යතුරෙන් ඕනෑම මාංචුවක් හෝ දම්වැල් මාංචුවක් විවෘත කිරීමට හැකි යැයි ඇතැයි ද වාර්තා වේ.
බන්ධනාගාර නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd