(ලලිත් නවරත්න)
හලාවත පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ කරිකට්ටිය ප‍්‍රදේශයේදී කොළඹ සිට පුත්තලම අරුවක්කාඩු කසළ අංගනය වෙත කුණු ගෙනයන ලොරි දෙකක් අද (14) අලුයම එකිනෙක ගැටී ඇතැයි මුන්දලම පොලිසිය පවසයි.
අනතුරින් ලොරි රථයේ රියදුරු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ. මෙම රිය අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පුත්තලම පරණ එළුවන්කුලම පදිංචි ඒ. එස් .එම් මිල්නාස් නැමති 29 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාලකරුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කොළඹ සිට පුත්තලම අරුවක්කාඩු කසළ අංගනය දක්වා මෙම කුණු ප‍්‍රවාහනය කර ඇති අතර මුන්දලම කරිකට්ටිය ප‍්‍රදේශයේ දී ඉදිරියෙන් ගමන් කළ කුණු ලොරියේ පසු පසින් ගමන් කළ ලොරිය ගැටීම අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලොරි අනිවාර්යයෙන්ම එකිනෙක අතර අඩු ඉඩ පරතරයක් තබගෙන අධික වේගයකින් ධාවනය කරන්න ඇති .