(ඩී.ජී.සුගතපාල)
මාතර සිට හම්බන්තොට දක්වා වු අධිවේගී මාර්ගයේ සේවය කරන චීන ජාතිකයෙකු කොරෝනා බවට සැකකරන රෝගයක් වැළදීම හේතුවෙන් අද (14) කරාපිටිය රෝහලේ අංක 36 විශේෂ වාට්ටුවට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම චීන ජාතිකයා සූරියවැව නවදගස්වැව වැඩබිමේ සේවය කරමින් සිටියදි උණ රෝගය වැළඳීම නිසා මෙසේ කරාපිටිය රෝහලේ 36 වාට්ටුවට ඇතුලත් කර ඇත.
මෙම වාට්ටුව කොරෝනා වෛරසය වැළඳුන රෝගින් සඳහා වෙන් කරන ලද විශේෂ වාට්ටුව වන අතර චින ජාතිකයාගේ තත්වය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමෙන් පසු අයි.ඩි.එච්.උණ රෝහල වෙත යැවීමට කටයුතු කරන බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd