IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොන්දේසි මත පොහොර විකිණූ වෙළෙන්ඳන්ට - සමාගම්වලට නඩු

(විජේරත්න රත්නායක)
 
යූරියා පොහොර මිලදී ගැනීමේදී ඒ සමග ශාක වර්ධන රසායනිකයක පැකැට්ටුවක්ද මිලදීගත යුතු බවට කොන්දේසි පනවමින් වෙළදාම් කළ බවට සැකපිට පොහොර වෙළඳසැල් හිමියන් දෙදෙනෙකුට සහ පොහොර බෙදාහරින සමාගම් දෙකකට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.
 
මෙසේ නඩු පවරා ඇත්තේ මොණරාගල දඹගල්ල නගරයේ පොහොර වෙළඳසැල් හිමියන් දෙදෙනෙකුට සහ සමාගම් දෙකකටය.
 
රුපියල් 1000ක් වන යූරියා පොහොර මිටියක් මිලදී ගැනීමේදී රුපියල් 800ක් වටිනා ශාඛ වර්ධක රසායනිකයක් අඩංගු පැකැට්ටුවක්ද මිලදීගත යුතු බවට කොන්දේසි පනවමින් ඔවුන් වෙළඳාමේ නිරතවීම හේතුවෙන් මෙසේ නීතිමය පියවර ගෙන තිබේ.
                      
මේ දිනවල පොහොර සහනාධාරය යටතේ ගොවීහු විශාල වශයෙන්  පොහොර මිලදී ගනිමින් සිටිති. යූරියා හිඟයක් පැවතීමත් යූරියා මිටියකින් අධික ලාභයක් නොවීමත් යන කරුණු මත මෙම වෙළෙන්ඳන් තමන්ට කොන්දේසි පනවන බවද, ඒ අනුව රුපියල් 1000ක් වටිනා යූරියා පොහොර මිටි 10 ක් මිලදී ගැනීමට රුපියල් 18,000 ක මුදලක් අවශ්‍ය බවටත් ගොවීන් එම කාර්යාලයට පැමිණිලි කර තිබිණි. ඒ අනුව වැටලීම කර එම වෙළෙන්ඳන්ට සහ සමාගම්වලට මෙසේ නඩු පවරා ඇත.
                      
මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්.පත්මකුලසූරිය මහත්මියගේ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතා ඇතුළු නිලධාරීහු වැටලීමට සහභාගී වූහ. 



අදහස් (0)

කොන්දේසි මත පොහොර විකිණූ වෙළෙන්ඳන්ට - සමාගම්වලට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site