(ශාන්ත චන්ද්‍රසිරි)
 
මධ්‍යම කඳුකරය ආශ්‍රිතව දින කිහිපයක් පුරා අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශයබාර ඉංජිනේරුවරු අද (22) පියවර ගත්හ.  
 
මේ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයට පහළ ප්‍රදේශයේ වෙසෙන ජනතාව කොත්මලේ ඔයේ ජලය පරිහරණය කිරීමේ දී ඒ පිළිබඳව අවධානයෙන්  කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
 
උඩරට මාර්ග භාවිතා කිරීමේදී දැඩි අවධානයෙන් යුතුව රථ වාහන පදවන ලෙස ද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.