(දයාරත්න ඇඹෝගම)
සිය වැටුප ජීවිතාන්තය තෙක් ලබාදෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයට සහාය ලබාදීමේ අරමුණෙන් අනුරාධපුර ආබාධිත රණවිරුවෝ සහ ඔවුන්ගේ ඥාතීහු පිරිසක් සෙනසුරාදා (21) දින පස්වරුවේදී අනුරාධපුර නව බස්නැවතුම්පළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අනුරාධපුර ශස්මික ලක්මාල් මහතා මෙසේ පැවසීය.
‘‘වසර ගණනාවක් තිස්සේ අපේ රටේ පැවැති යුද්ධය අවසන් කිරීමට මෙම රණවිරුවන් තම තරුණ කාලය කැපකළා. ඒ විතරක් නොවෙයි ඔවුන් තමන්ගේ අවයව පවා පරිත්‍යාග කළා. අපි ඉල්ලා සිටින්නේ ඔවුන්ට ඔවුන්ගේ වැටුප ජීවිතාන්තය දක්වා ලබාදෙන ලෙසයි.
මේ සඳහා ජනාධිපතිතුමා මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළත් මුදල් අමාත්‍යවරයා ඊට විරුද්ධ බව පෙන්වූවා. අපි හැමෝගේම ඉල්ලිම මේ රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදෙන්න කියන එකයි. අද ඔවුන් නොසිටියා නම් ජීවිත් වීමට රටත් ඉතුරු වෙන්නේ නෑ‘‘ යැයි පැවසීය.



2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටුව උද්ඝෝෂණයට අනුරාධපුරයෙනුත් ආබාධිත රණවිරුවෝ එක්වෙති