(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කොළඹ ඔරුගොඩවත්තේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි කොරියානු රජයේ විශේෂ අනුග්‍රහය යටතේ ඉදිකෙරුණු නව 'කේ - ටෙක්' වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදුකෙරිණි.
අති නවීන තාක්ෂණය යොදා ගනිමින් අනාගතයේ වැඩි ඉල්ලුමක් තිබෙන ඉලෙක්ට්‍රොනික විෂය ධාරා ඉලක්ක කර ගනිමින් පාඨමාලා රාශියක් මෙහිදී සිසු දරු දැරියන්ට හැදෑරිය හැකිය.
වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතිඥ රවී ජයවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd