IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කේරළ ගංජා කිලෝ 6ක් සමඟ අයෙක් අත්අඩංගුවට

(අප්සරා යෝසිත් විජේසූරිය)
 
රත්නපුරයේ ගංජා අලෙවි කිරීමේ ජාවරමක ප්‍රධාන සැකකරු යැයි සැකකරන පුද්ගලයෙකු කේරළ ගංජා කිලෝග්‍රෑම් 6ක් ග්‍රෑම් 900ක්  සමඟ රත්නපුර මාරපන පහලවෙල ප්‍රදේශයේ නිවසකදී අද(14) අත්ඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.
 
සැකකරුගේ ගෙවත්තේ මෙම කේරළ ගංජා තොගයෙන් කොටසක් ප්ලාස්ටික් නල පද්ධති, ඇසුරුම්වල බහා තිබූ බවත්, තවත් කොටසක් ආනයනය කළ පාර්සලයක තිබූ බවත් පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවසුවේය.
 
මේවා රත්නපුර පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් වැඩිම කේරළ ගංජා තොගය බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය. මෙම ගංජා කොළඹ ප්‍රදේශයේ පුදගලයෙකුගෙන් ලද ඒවා බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත.
 
මැතිවරණ කාල සීමාවේදී සූක්‍ෂම ලෙස අලෙවිය පිණිස සූදානම් කර තිබූ ගංජා තොගයක් බවට පොලිසිය  සැකකරයි.
 
සැකකරු රත්නපුර, මාරපන, ඇලපාත, රත්නපුර මහජන පොළ, ගැටන්ගම වැනි ප්‍රදේශ ඉලක්කගත කරමින් කාලයක් තිස්සේ කේරළ ගංජා අලෙවි කර ඇතිබවට පොලිස් පරීක්‍ෂණවලදී  තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
 
පාර්සලයේ තිබූ කේරළ ගංජා තොගය දවටන ලද ඇසුරුම  ඉන්දියාවේ භාවිත වන භාෂාවකින් මුද්‍රිත පුවත්පතක පිටු බවද,  කේරළයේ මුද්‍රිත පුවත්පතක පිටු බවද පොලිසිය සැකකරයි.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කේරළ ගංජා කිලෝ 6ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site