IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කේරල ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
 
උතුරු මුහුදු තීරයේ නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 79 ග්‍රෑම් 300ක් ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු මුහුදේ යාපනය වෙත්තලකේනි ප්‍රදේශයේ දී උතුරු නාවික විධානයට අයත් නාවික හමුදා සෙබලුන් පිරිසක් විසින් සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටියදී ධීවරයින් ලෙස ඩිංගි යාත්‍රාවකින් අදාළ කේරල ගංජා තොගය උතුරු මුහුදු සීමාවට රැගෙන එමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.

එම ඩිංගි යාත්‍රාවේ ධීවර ආම්පන්න ද තිබී ඇති අතර ඉන්දියාවේ සිට අදාළ කේරල ගංජා තොගය උතුරු මුහුදට රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට බාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.



අදහස් (0)

කේරල ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site