(රංජිත් රාජපක්ෂ)                       
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් අද (16)  බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි සහ බොගවාන වතුවලට පිවිසෙන අතුරුමාර්ග සියල්ලම ජලයෙන් යට වී ඇත.

පහත්බිම් ජලයෙන් යටවීමෙන් පහත්බිම්වල ගොවීන් පවත්වාගෙන යන වගා භූමි කිහිපයක් ද විනාහයට පත්ව ඇති බව ගම්වැසියෝ පවසති.

කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව එම ජලාශ බාර ඉංජිනේරුවරු පවසති.