(තිළිණි ද සිල්වා )
කුවේට් රාජ්‍යයේ සල්වා නගරයේ ශ්‍රී ලාංකිකයෙකු විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලූ එරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එය පවත්වා ගෙන ගිය ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලක් තිස්සේ එරට සේවය කළ ලාංකිකයෙකි. ඔහු නවාතැන් ගෙන සිටි මහල් නිවාස සංකීර්ණයේම මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව කුවේටයේ පොලිස් නිලධාරීන් කළ පරීක්ෂාවකදී හෙළි වී ඇත.
එම සැකකාර ලාංකිකයාගේ මහල් ගොඩනැගිල්ලේ නිවාසයේ තිබියදී මත්පැන් බැරල් 39 ක් සහ නිෂ්පාදන උපකරණද කුවේට් ආරක්ෂක අංශ බාරයට ගෙන ඇත.
රාත්‍රී රාජකාරියේ ආරක්ෂක මුර සංචාරයේ යෙදී සිටි නිලධාරින් කණ්ඩායමක් සිය දිනපතා මුරසේවා කටයුතු වල නිරතව සිටියදී , සැකසහිත අන්දමින් බෑගයක් රැගෙන ගොඩනැගිල්ලක සිට පිටතට පැමිණි මෙම ලාංකිකයා ආරක්ෂක නිලධාරීන් දැක බියට පත්වී බෑගය විසි කොට නැවත ගොඩනැගිල්ල තුලට දිව ගොස් ඇත.
පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ එම නිලධාරීන් අදාළ ගොඩනැගිල්ල හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය ගැන තොරතුරු හෙළිකර ගැනීමට හැකිවූ බවද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පිටරට ගොස් කරන වැඩ... රටේ නම ඉවරයි. එංගලන්තේ ගියත් ඤාව් කියනවා වගේ මේ සමහර මිනිසුන් මේ රටේ කසිප්පු පෙරලා විකුණලා පුරුදුවෙලා පිටරට ගියත් කරන්නේ ඒකම ඒකමයි ... අපේ රටේ බේරුණත් ඔය රටේ නම් සමාවක් ලැබෙන එකක් නැහැ...
කොරෝනා වලට කසිප්පු නියමයිලු.