
(නයෝමි දිල්රුක්ෂි)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා රැකියා ලබා දීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් නව බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කෙරිණි.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයට බඳවා ගත් නිලධාරීන්ගේ පරිපාලන කටයුතු විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරිම සඳහා අඩුපාඩුවක්ව පැවති කාර්යාල අවශ්‍යතාවය සපුරමින් නව කාර්යාලයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ විවෘත කිරීම අද (10) සුබ මොහොතින් සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක් වෙමින් කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ නව කාර්යාලය තුළින් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වඩා පහසු වන බවත්, ඉන් කාර්යක්ෂම හා ඵලදායි සේවයක් ජනතාවට ලබා දීමට හැකි වන බවත්ය.
මෙම අවස්ථාවට සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, සබරගමු පළාත් මාර්ග හා සංචාරක අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර, දිස්ත්‍රික් නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ අනූෂා මොරවකආරච්චි, ඊ.ආර් ගාමිණී, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් සහ බහු කාර්ය සංවර්ධන දෙපාරතමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කමාන්ඩර් සෙනෙවිරත්න, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) මේජර් විතාරණ, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (කෑගල්ල) මේජර් රාජපක්ෂ ඇතුලු බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd