(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව උල්හිටියාව වෙරළ තීරයේ කැස්බෑවන් මැරීමේ ජාවාරමක නිරත වූ ධීවරයින් තිදෙනෙකු අද (25) කැස්බෑ මස් කිලෝ 75ක් සමග අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ වෙන්නප්පුව උල්හිටියාව හා කටුනේරිය පදිංචි ධීවර රැකියාවන් වල නිරත වන තිදෙනෙකු බව කියයි.
වෙන්නප්පුව පොලිසියේ විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත උල්හිටියාව වෙරළ තීරයේ දී මුහුදෙන් අල්ලාගෙනවිත් කැස්බෑවන් මස් කරමින් සිටි ධීවරයින් තිදෙනා කැස්බෑ මස් කිලේ 75 යි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් නිලධාරින් පවසන්නේ මෙම සැකකාර ධීවරයින් කුඩා ප්‍රමාණයේ කැස්බෑවන් 24 දෙනෙකු මරා තිබූ බවයි.
අත්අඩංගුවට ගත් ධිවරයින් අද (25) සවස මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd