(කේ. බුද්ධික කුමාරසිරි)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගොඩගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් අද(08) උදෑසන එම මාර්ගයේ ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර පැය කිහිපයක් ප‍්‍රමාද වූ බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.
එම ප‍්‍රදේශය හරහා අද අලුයම් කාලයේ හමා ගිය දැඩි සුළඟින් මෙම ගස දුම්රිය මාර්ගය මතට ඇද වැටී ඇත.
පසුව දුම්රිය සේවකයින් පැමිණ අදාළ ගස කපා ඉවත් කිරීමෙන් පසු උදෑසන 7.30 සිට ප‍්‍රමාද වූ දුම්රිය ධාවනයට කටයුතු කළ බවද එම දෙපාර්මේන්තුව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd