රොහාන් කුමාර දිසානායක
ගලිගමුව අලවත්තැන්නේ දී සෆාරි ජීප් රථයක් නිවසකට කඩාගෙන ගොස් සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ එකම පවුලේ මව , පුතුන් දෙදෙනා සහ කැබ් රථයේ රියදුරා බව පොලිය හඳුනාගෙන ඇත.
අනතුරට ලක්වූ කැබ් රිය පොලොන්නරුව සිට රත්නපුර දක්වා සංචාරකයින් රැගෙන යන අතරතුර ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ දී රියදූරාට නින්ද ගොස් කැබ් රිය මාර්ගයෙන් ඉවතට පැන නිවසට කඩා වැදී ඇති බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd