( පාලිත ආරියවංශ )
බදුල්ලේ  රාජ්‍ය ආයතනයක කාන්තා වැසිකිළියේ  ජංගම දුරකතනයක් රඳවා  වීඩියෝ කළැයි  සැකපිට  කාර්යාලයේම සේවය කරන කම්කරුවෙක්  බදුල්ල පොලිසිය විසින් අද (14) අත් අඩංගුවට ගෙන තිබේ .
 
කාන්තාවන්ගේ දර්ශන මෙන්ම ජංගම  කැමරාව සහිත ජංගම දුරකථනය ඇටවූ  සැකකරුගේ මුහුණද එහි රූගත වි ඇතැයි පොලිසිය  පවසයි .
 වැසිකිලිය සේදීම සදහා උපයෝගි කරගන්නා ද්‍රාවණ  බහාලන බාල්දියක සූක්ෂ ලෙස මෙම ජංගම දුරකතනය සඟවා තිබිණි .
 
වැසිකිලියට ගිය සේවිකාවක් විසින් එය කාර්යාලයේ ඉහල නිලධාරින්ට දැනුම් දීමෙන් පසු ඔවුන් විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි අත්අඩංගුවට ගත් සැකකරු අද (14) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.