IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කාන්තාවන් රවටා ලක්‍ෂ 15 ක මුදලක් වංචා කළ දෙදෙනෙක් රිමාන්ඩ්

(ක.ග කරුණාරත්න)

සැබෑ රත්තරන් බවට අඟවා කාන්තාවකට වර්ණාලේපිත ව්‍යාජ ලෝහ කැබලි ලබාදී රුපියල් ලක්‍ෂ 15ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවක වරදකරුවන් වූ චූදිතයින් දෙදෙනෙකුට දඬුවම් නියම කළ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා එක් අයෙකුට වසර දෙක බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ පැමිණිලිකාරියට රුපියල් ලක්‍ෂය බැගින් රුපියල් ලක්‍ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට අද (16) නියෝග කළේය.

චූදිතයින් වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 12 බැගින් සිර දඬුවමකට යටත් කරන ලෙසටද නියෝග කෙරිණි.

මෙවැනිම චෝදනාවක් සම්බන්‍ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට අධිකරණය මගින් නියම කර තිබූ වසර දෙකක අත්හිට වූ සිර දඬුවමක්ද අද දිනයේ පටන් ක්‍රියාත්මක කරන ලෙසටද අධිකරණයෙන්  නියෝග කරනු ලැබීය.

ඊට අමතරව එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 6000 ක දඩ මුදලක්ද ගෙවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ දඩ හා සිර දඬුවම් නියම වූයේ කැකිරාව , මඩාටුගම , දුනුමඩලාව පදිංචි බන්දුහාමිගේ ආරියදාස සහ පුත්තලම , කොට්ටුකච්චිය , මැල්ලන්කුලම , අංක 53 ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ කපිල බණ්ඩාර යන විත්තිකරුවන් දෙදෙනාටය.

2012 වසරේ ජූනි මස 11වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී කඩුගන්නාව , කඩවත්ගම , අංක 48 ලිපිනයේ පදිංචි පිටවල රාජපක්‍ෂගේ දමයන්ති ඒකනායක යන පැමිණිලිකාරියට මැදිරිගිරිය පොලිස් වසමේදී සැබෑ රත්තරන් බවට හඟවා වර්ණාලේපිත ව්‍යාජ ලෝහ කැබලි ලබාදී රුපියල් ලක්‍ෂ 15ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක්  සම්බන්‍ධයෙන් විමර්ශන සිදුකර විත්තිකරුවන්ට එරෙහිව අධිකරණයේ   චෝදනා ගොනුකරනු ලැබ දීර්ඝ නඩු විභාගයෙකින් පසුව විත්තිකරුවන් අදාල චෝදනාවලට වරදකරුවන් බවට ඔප්පුවීමෙන් පසුව මහේසත්‍රාත්වරයා මෙම දඬුවම් නියම කරනු ලැබීය.

නීතිඥ සමිතා ජයසේකර මහත්මිය විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.

 

 



අදහස් (0)

කාන්තාවන් රවටා ලක්‍ෂ 15 ක මුදලක් වංචා කළ දෙදෙනෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site