IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කහල්ල අභයභුමියේ දඩමස් ජාවාරමක් වටලයි

(කුෂාන් ජයවර්ධන)

ඇදිරිනීතිය බලපැවැත්වෙන අතරතුරදී කහල්ල පල්ලෙකැලේ අභයභූමියේ පවත්වාගෙන ගිය මහ පරිමාණ දඩමස් ජාවාරමක් කොටුකර ගැනීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද (25) සමත්ව වුහ.

ජාවාරමේ නිරත වූ සැකකරැවන් දෙදෙනෙකු හා මුවමස් කිලෝ 70කට ආසන්න ප්‍රමාණයක් ද බෝර 12 වර්ගයේ ගිනි අවියක් ද වනජීවී නිලධාරීන් විසින් සිදුකළ එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිරියාගම වනජීවී කාරයාලයේ නිලධාරීන් විසින් සිදුකරන ලද ක්ෂණික වටලිමකදී එම සැකකරැවන් මුව තොගය හා ගිණි අවිය අත්අඩංගුවට ගෙන තිබේ.

වටලිමේ දී සැකකරැවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර තවත් සැකකරැවන් දෙදෙනෙකු පලා ගොස් තිබිණි.


අත්අඩංගුවට පත් සැකකරැවන් සන්තකයේ තිබී දඩයමට යොදාගත් බව කියන විදේශ රටක නිෂ්පාදිත අංක 04029286 දරණ බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව පතොරම් 3ක් හා හිස් කොපු 01ක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.


තවද සැකකරැවන් විසින් දඩයම් කරන ලද මුුවන් දෙදෙනෙකුගේ මස් තොග හා ඝාතනය කරන ලද එක් මුවකුගේ හිස පාද හම ඇතුලු ශරීර කොටස් ද වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මස් තොගය කිලෝ 70ක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති.

දඩයම් කළ මුවන් මස් කිරීමට යොදා ගත් පොරොවක් පිහික් මස් කිරීමට යොදා ගත් තරාදියක් විදුලි පන්දම් ඇතුළු තවත් බඩු බාහිරාදිය රැසක් ද මෙහිදී වනජීවී නිලධාරීන් සිය බාරයට ගෙන තිබේ.

සැකකරැවන් කහල්ලපල්ලෙකැලේ අභයභූමියේ පරවහගම ප්‍රදේශයේදී මෙම මුවන් ඝාතනය මස් කර ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

පලාගිය සැකකරැවන් දෙදෙනා මේ වනවිට හදුනා ගෙන ඇති බවත් ඔවුන් පරවහගම පදිංචිකරැවෝ බවත් වනජීවී නිලධාරීහු පවසති.


අත්අඩංගුවට පත් සැකකරැවන් දෙදෙනා දඹුල්ල හා පරවහගම ප්‍රදේශවල පදිංචිකරැවෝ වෙති.
 

 



අදහස් (0)

කහල්ල අභයභුමියේ දඩමස් ජාවාරමක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site