(කුෂාන් ජයවර්ධන)
කලාවැව බලලුවැව දී ඔරුවක් පෙරැළී යාමෙන් වයස අවුරුදු 23 ක ධීවරයකු මරුමුවට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පලාගල දික්ඇදියාව ප්‍රදේශයේ පදිංචි සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් සුහයිල් නමැති 23 හැවිරිදි විවාහකයෙකි.
මිය ගිය ධීවරයාගේ සිරුර කලාවැව බළලුවැව කොරියාව මුල්ල ප්‍රදේශයේ තිබියදී ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (27 ) සොයා ගෙන තිබිණ.
මිය ගිය ධීවරයා අද අලුයම 4.30ට පමණ ඔරුවක නැගී ධීවර රැකියාව සදහා කලාවැව බළලුවැව ජපන් තොටුපලෙන් බළලුවැව කොරියාවමුල්ල ප්‍රදේශයට පිටත්ව ගොස් සිටියදී ඔරුව පෙරැළි යාමෙන් අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
එම මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය නැගෙනහිර කිරළව කෝරලයේ හදිසි මරණ පරීක්ෂක ඩී.එම් රාජරත්න මහතා විසින් පවත්වනු ලැබීය.
හදිසි මරණ පරීක්ෂකවරයා එහිදී ලබා දුන් නියෝග අනුව එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දඹුල්ල මහරෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබීය.
ධීවරයාගේ මරණය සම්බන්ධයෙන් වූ එම පරීක්ෂණ කටයුතු සදහා හදිසි මරණ පරීක්ෂකවරයා හා පොලිස් නිලධාරීන්ට ඔරුවල නැගී වැවට යාමට සිදුවීම එම හදිසිමරණ පරීක්ෂණයේ විශේෂත්වයකි.
සිද්ධීය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලාවැව බළලුවැවේදී ඔරුව පෙරැළී ධීවරයෙක් මරුට