IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කල් ඉකුත් වූ ඖෂධ විකිණූ හිමිකරුට දඩ

(එස් .ඩී.කොඩිකාර )
 
කල් ඉකුත් වූ ඖෂධ විකිණීම සඳහා ප්‍රදර්ශනය කළ කොටපොළ ප්‍රදේශයේ  ඖෂධ වෙළඳසැල් හිමියකුට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනා ආරච්චි  මෙනවිය රුපියල් 100,000 දඩයක් ගෙවන ලෙස අද (13)  නියම කළේය.

එසේ දඩ නියම වූයේ දෙනියාය පාර, කොටපොළ පදිංචි  හේවගේ  චමින්ද සඳමාල් නැමැත්තෙකු හටය.
 
මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ  ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් කොටපොළ ප්‍රදේශයේ  පසුගිය 3 වැනිදා  සිදුකළ ඖෂධ වෙළඳසැල් පරීක්ෂාවකදී මොහුට එරෙහිව මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබු අතර  ආහාර හා ඖෂධ පරීක්ෂක ජී.කේ.ඒ. ගොඩකන්ද මහතා අධිකරණයට පැමිණිල්ල ගොනු කරන ලදී.
 
මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ  අධ්‍යක්ෂ  වෛද්‍ය උපාලි  කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන ජී.කේ.ඒ. ගොඩකන්ද, වයි.වී. ද සිල්වා යන මහත්වරුන් මෙම වැටලීම සිදු කෙරිණි.



අදහස් (0)

කල් ඉකුත් වූ ඖෂධ විකිණූ හිමිකරුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site