(රංජිත් රාජපක්ෂ )
මුලතිව් අඩවි වන කාර්යාලය යටතේ පාලනය වන පුදුකුඩුඉරිප්පු කල්ලඩි රක්ෂිතයේ අනවසරෙන් පස් කපමින් සිටි ජාවාරම්කරුවන් සිව්දෙනෙකු අද (04) සැකපිට අත්අඩංගුවට ගත් බව මුලතිව් අඩවි නව නිලධාරී රුවන් ගලප්පත්ති මහතා පැවසිය.
මෙම ජාවාරම්කරුවන් සමඟ පස් කපන යන්ත්‍රයක්, ටිපර් රථ තුනක් සහ සෙසු උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස යාපනය සහ මුලතිව් පදිංචි 22 -25 අතර වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පවසයි.
මෙම ජාවාරම්කරුවන් රක්ෂිතයෙන් පස් කපා යාපනයට ප්‍රවහනය කර අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි බව මුලතිව් අඩවි වන කාර්යාලයේ නිලධාරීහු කියා සිටියහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd