
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කපා කොටා මරා දමා තිබූ පුද්ගලයකුගේ සිරුර බෝගොඩ එගොඩවත්ත දොරවක කුඹුර ගමමැද පාරේ තිබියදී සොයාගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
මෙසේ මරා දමා ඇත්තේ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් රංගන කරුණානායක 26 නැමැති එක්දරු පියෙකි.
එම තැනැත්තා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මරණීය ප්‍රහාරයට ගොදුරුව ඇති බවත් යතුරු පැදියද ඒ අසල තිබී හමුවූ බවත් පොලිසිය කියයි.
එම පුද්ගලයා 2018 වසරේදී පුද්ගලයකු කපා කොටා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්තනගල්ල අධිකරණයේ පවතින නඩුවක විත්තිකරුවෙකු බවද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
913
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
624
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කපා කොටා මරා දැමූ අයෙකුගේ සිරුරක් මහමග
Perera Tuesday, 11 August 2020 03:37 AM
රටේ නීතිය පිලිබඳ විස්වාසයක් ජනතාව අතර ගිලිහී යනවිට මෙහෙම දේවල් ඕනෑම නීතිය පිරිහිණු ඕනෑම අරාජික රටක වෙන දෙයක්.