(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,කදුරුවෙල නගරයේ දැනට අගුළු දමා ඇති කොටසේ නිරෝධායනය වන පිරිස අතුරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු අද(12) දිනයේ හමුවූ බව පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික දංගම්පොල මහතා පැවැසීය.
ඒ අනුව කදුරුවෙල නගරයෙන් පමණක් මෙතෙක් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 50කි.
මේ වනවිට එම රෝගීන් සියලුම දෙනා වැලිකන්ද කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් වශයෙන් හඳුනාගෙන ඇති සියලුම දෙනා මේවන විට නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd