IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කණ්ඩලම වැව පිරුණත් වගාවට ජලය නැහැ

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල  කණ්ඩලම ජලාශයේ ජලය මේ වන විට පිරී  ඇතැත්  වැව යටතේ වගා කර ඇති කුඹුරු සහ ගොඩ බෝග වලට ජලය නිකුත් කිරීම සිමා  කිරීම හේතුවෙන් ගොවිතැන් බත් සියල්ල විනාශවීමේ අවදානමකට ලක්ව ඇතැයි ගොවීහු චෝදනා කරති.
                                    
මේ වන විට කණ්ඩලම වැව යටතේ ඇති කුඹුරු සහ ගොඩ ඉඩම් සඳහා  40% ක වගා කිරීමට ජලය ලබාදෙන බව මහවැලි අධිකාරිය පැවසූ බව ගොවීන් කියති.
 
එහෙත් පැවැති අධික වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව සම්පූර්ණයෙන්ම පිරී තිබෙන බවත් වාන් දැමීම ආසන්නම මට්ටමට පිරී ඇති බව ගොවීන් කියති . ගොවීන් තම  කුඹුරු වල වී ගොවිතැනත් සෙසු  ප්‍රදේශ වල වෙනත් බෝග වගා කොට තිබේ.

මහවැලි අධිකාරිය යටතේ පවතින කණ්ඩලම ජලාශයේ ජලය වී වගාව සඳහා ලබා නොදී  දින දහයකට වරක් පැය 24 ක පමණ කාලයකට සීමා කිරීම නිසා මේ වන විට වගා කර ඇති ගොඩ බෝග සහ වී වගාව සම්පූර්ණයෙන් ම විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
 
මේ වන විට කණ්ඩලම වැව ආසන්නයේ ම  වගා කළ කුඹුරුවල  පැලපත පවා මහ පොළොව ඉරිතලා  වීනාශ වී ඇති අයුරු එහි ගිය අපට ද දැක ගැනීමට හැකි විය. එමෙන්ම මෙවර බිලුනු වගාව ද දඹුල්ල ප්‍රදේශිය ආරම්භ කොට තිබේ .ඒ සඳහා ද ප්‍රමාණවත් ජලය ලබා නොදීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් බව ගොවීන් චෝදනා කරති .

 කලට වේලාවට ජලය ලබා නොදී සිටින්නේ මහවැලි අධිකාරියේ වෙනත් කුමන්ත්‍රණකාරී තත්ත්වයක් මත බව ගොවීහු චෝදනා කරති .දැඩි ලෙස මහවැලි අධිකාරිය විවේචනයට ලක් කිරීම ගොවීන් විසින් සිදුකරන අතර ඔවුන්ට දෙස් දෙවොල් තබමින් කෑකෝ ගැසීමද ද ඔවුහු අමතක නොකළහ. ගොවීන් සිය හිස මත අත තබා ගෙන ඉරි තලා ගිය ගොයම් පැළ පතේ සිට මහවැලි නිලධාරීන්ට දෙස්  තබති.
 
ඇතැම් ගොවීන් කියා සිටින්නේ ඉදිරියේදී රට තුළ වී හිගයක් ඇති කොට විශාල  ව්‍යාපාරිකයන් ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා මහවැලි නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස   වී වගාවන්  ලුණු වගාවන් විනාශ කිරීම සිදු කරන බවය.
 
අප මේ පිළිබඳව මහවැලි විෂයභාර සිටි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන් දුරකථනය හරහා විමසුවෙමු. ඒ මහතා විනාඩි කිහිපයක් ඇතුළත  නැවතත් ඇමතුමක් ලබාගෙන මහවැලි අධ්‍යක්ෂක ජෙනරාල් බි .ඒ .සුනිල් එස් පෙරේරා මහතා සම්බන්ධ කිරීම සිදු කළේය.
 
 මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ තමා සෑම ප්‍රදේශයකටම ගොස් ගොවීන් සමග සහ නිලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය ප්‍රමාණයට ජලය නිකුත් කරන ලෙස දැනුම් දී ඇති බව ය. කෙසේද කන්ඩලමජලාශය යටතේ වගා කර ඇති කුඹුරු වලට ජලය නිකුත් නොකරන්නේ මන්දැයි යන්න සොයා බලන බවත් ගොවීන්ට   යම් කිසි ප්‍රශ්නයක් ඇත්නම් තමාව ලිකිතව  දැනුවත් කරන ලෙස ඒ මහතා ඉල්ලීමක් කළේය..

 

 



අදහස් (2)

කණ්ඩලම වැව පිරුණත් වගාවට ජලය නැහැ

SL Thursday, 28 May 2020 06:10 AM

මහවැලි අධිකාරියේ පින් පඩි ගන්න හරක්. මේ කුඹුරු සියල්ල ඉවරයි දැන්.

:       0       0

Shri Thursday, 28 May 2020 06:37 AM

මෙයාලට ලිඛිතව දන්වනවා ඇරෙන්න මේ අහිංසක ගොවීන්ට වෙන වැඩක් නැද්ද? තමන්ගේ වගකීම ඉෂ්ට නොකරන නිලදාරීන්ව සේවයෙන් පහ කරන්න. පුළුවන් සහ සුදුසුකම් තියෙන මිනිසුන්ගේ දුක තේරෙන කෙනෙකුට ඔය රස්සාව දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site