IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කටුනායකට පැමිණි තුර්කි ජාතිකයෙකු පිටුවහල් කෙරේ

(ටී.කේ.ජී.කපිල)

ව්‍යාජ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ලංකාවට ඇතුළු වීමට තැත් කළ 18 හැවිරිදි විදේශීය තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (24) සවස පියවර ගෙන තිබේ.

ඔහු තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට පැමිණි තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ලංකාවට ඇතුළුවීමේ දී මොහු ලබා ගෙන තිබූ වීසා බලපත්‍රය සහ ඔහු විසින් අනිවාර්යයෙන්ම ගුවන් තොටුපළේ දී සම්පූර්ණ කළ යුතු ගොඩ බැසීමේ අවසර පත්‍රය පරීක්ෂා කළ ආගමන විගමන නිලධාරීවරයාට මෙම තරුණයා මෙරට සංචාරය කරන ප්‍රදේශ සහ එහිදී ඔහු නවාතැන් ගන්නා හෝටල් පිළිබඳව කිසිදු සටහනක් නොවීම මත සැකයක් ඇති වී මොහු පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

එහිදී මෙම තරුණයාට ඉංග්‍රීසි බසින් පැහැදිලිව ඒවාට පිළිතුරු දීමට නොහැකි වී ඇති අතර කෙටි වචන පමණක් යොදා ගෙන පිළිතුරු දීමට උත්සාහ ගෙන තිබේ .

ගුවන් තොටුපළ සේවයෙහි නියැලී සිටි ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා මෙම තරුණයාගෙන් ඉතාලි භාෂාවෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ ද මෙම තරුණයාට ඒ කිසිවකටත් පිළිතුරක් ලබා දීමට අපොහොසත් වූයේ  ඔහු ඉතාලි බස කිසිසේත්ම නොදත් නිසාය.

මේ අතර ඉතාලියේ තමන් ඉගෙන ගන්නා පාසලක් මගින් නිකුත් කළ ලියවිල්ලක් ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත ඉදිරිපත් කළ ද එහි සඳහන් කිසිවක් පිළිබඳව ද පැහැදිලි කිරීමට ඔහු අපොහොසත් විය.



අදහස් (1)

කටුනායකට පැමිණි තුර්කි ජාතිකයෙකු පිටුවහල් කෙරේ

Akila Sunday, 25 August 2019 01:35 PM

නොමිලේ විසා දෙන එක අපේ සංචාරක මණ්ඩලයෙන් ගත්ත තවත් ලොකුම මෝඩ තීරණයක් වගේ. දැනටමත් පෙනෙන්නේ ( පළවෙනි එක තමයි විීවුස් නැති යු ටියුබර්ස්ලා රටට ගෙන්නාගෙන නිකන් අපේ සල්ලි නාස්ති කරන එක ) . මේකෙන් වෙන්නේ සල්ලි නැති අය මෙහෙට ඇවිල්ල අපේ තියන දෙයක් අරන් යන්න හදන එක විතරයි . විසා ගන්න සල්ලි නැති අය කොහොමද හොටලේකටවත් වියදම් කරන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site