රොමේෂ් මධුෂංඛ
වව්නියාව ඕමන්ත පරනට්ටකල් ප්‍රදේශයේ පිහිටි නිවසක් හදිසියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.
මහකන්නයේ ගොවිතැන් කර අස්වැන්නෙන් ලබාගත් වී ගෝනී 40ක් අදාළ නිවසේ ගබඩා කර තිබී ඇති අතර අදාළ ගිනිගැනීම හේතුවෙන් නිවසේ තිබූ වී ගෝනි 40 ම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව නිවෙස් හිමිකරු කියයි.
පවතින වියළි කාලගුණය හේතුවෙන් නිවස පොල්අතුවලින් සෙවළි කර තිබීම හේතුවෙන් ගින්න එක්වරම පැතිර ඇති අතර ප්‍රදේශවාසීන්ට ගින්න මැඩ පැවත්වීමට නොහැකි වී ඇති අතර ඉතා සුළු වේලාවකදී නිවස සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වූ බව ප්‍රදේශවාසීහු පවසති.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd