IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඕමන්තේ කැලෑවකින් බෝම්බ පොහොර උරයක් හමුවෙයි

(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව ඕමන්ත ඉලමරදන්කුලම් ප්‍රදේශයේ කැලෑවකින් හමුවූ  බෝම්බ සහිත පොහොර උරයක් අද (30) අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහය ඇතිව පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.

ඉලමරදන්කුලම් කැලෑවට ගිය අයෙකු විසින් මෙම බෝම්බ උරය  දැක ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාළ ස්ථානයට ඕමන්ත පොලිස් නිලධාරීන් ගොස් පරීක්ෂා කර ඇත.

එහිදී ආර්.පී.ජී.උණ්ඩයක් ද සමඟ බිම්බෝම්බ 10 කට ආසන්න ප්‍රමාණයක් අදාළ පොහොර බෑගයේ ඇති බවට සැකකරන අතර එම බෝම්බ උරය අනාරක්ෂිත හෙයින් එම ස්ථානයෙන් ඉවත් නොකර ඒ බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙතට දැනුම් දීමට ඕම්න්ත පොලීසිය විසින් පියවර ගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ බෝම්බ උරය මෙම ස්ථානයේ සඟවා යන්නට ඇති බවටත් කාලයක් ගතවීමෙන් උරය දිරාපත්වීම හේතුවෙන් ඒ තුළ තිබූ බෝම්බ ඉවතට වැටී ඇති බවටත් සැකකරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

ඕමන්තේ කැලෑවකින් බෝම්බ පොහොර උරයක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site