IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ඕමන්තේ ඉඩමකින් බිම් බෝම්බ 8ක් සොයාගනී

(සිතුම් චතුරංග)
            
වවුනියාව,  ඕමන්ත පැරණි හමුදා මාර්ග බාධකය අසළ ඉඩමක තිබී බිම් බෝම්බ 8ක් අද(16) සොයාගත් බව  ඕමන්ත පොලිසිය පවසයි.

ප‍්‍රදේශවාසියකු වගාකටයුත්තක් සඳහා ඉඩම පවිත‍්‍ර කිරීමේදී බිම්බෝම්බ හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
            
බිම්බෝම්බ හමුවූ ප‍්‍රදේශය කොටි ත‍්‍රස්තවාදීන්ගේ බලප‍්‍රදේශයක් ලෙස පැවති අතර ආරක්ෂක හමුදා ඉලක්ක කර පහරදීම සඳහා මෙම බිම්බෝම්බ රැගෙනඑන්නට ඇති බව පොලිසිය සැක පළකරයි.
            
අදාළ ස්ථානයේ තිබී හමුවූ බිම්බෝම්බ කිහිපයක් දිරාගොස් තිබූ බවද පොලිසිය පවසයි.

සොයාගත් බිම්බෝම්බ වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක‍්‍රීය කිරීමට නියමිතය.

මෙම ඉඩම තුළ තවදුරටත් පුපුරණ ද්‍රව්‍ය පවතීද යන්න සොයා විමර්ශන කරන බව පොලිසිය කියයි.



අදහස් (0)

ඕමන්තේ ඉඩමකින් බිම් බෝම්බ 8ක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 100 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 940 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site