( තිලකරත්න දිසානායක සහ චතුරංග චන්ද්‍රසේකර.)
ඉඹුල්ගොඩ වීරයා නමින් ප්‍රචලිත, 1952 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කළ අභාවප්‍රාප්ත එස්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 6 වන ගුණ සමරුව අද (3)පෙරවරුවේ ඉඹුල්ගොඩදී පැවැත්විණි.
මේ නිමිත්තෙන් ඉඹුල්ගොඩ බණ්ඩාරනායක ප්‍රතිමාවට පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව ඉඹුල්ගොඩ විජයාරාම විහාරස්ථානයේදී මහා සංඝයා වහන්සේලා 15 නමක් විෂයෙහි දහවල් දානය පිරිනැමීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාද , එස්.ඩී.බණ්ඩාරනායක මහතාගේ බිරිඳ ඩොරීන් ඩයස් බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් සහ බණ්ඩාරනායක සදනමේ ලේකම් ජස්ටින් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.