(පාලිත ආරියවංශ)
ඌව පළාතේ 6 වැනි පළාත් සභාවේ නිල කාලය අද (8) මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වෙයි.
ඉකුත් වසර 5 ක පළාත් සභා කාලය තුළ ආණ්ඩුකාරවරු 5 දෙනෙක් හා ප්‍රධාන අමාත්‍යවරු තිදෙනෙක් යටතේ මෙම පළාත් සභාව ක්‍රියාත්මක විය.
දෙමුහුන් පාලනයක් ඇති පළාත් සභාවක් ලෙසද ඇමැති මණ්ඩලයක් නැතිව මාසයයි දින හතක කාලයක් මහ ඇමැතිවරයා පමණක් සිටි පළාත් සභාවක් ලෙසද එම කාලයෙන් පසු ඇමතිවරු තිදෙනෙක් පත් කළද එක් ඇමැතිවරයකුගේ අඩුවක් ඇතිව කලක් පවත්වාගෙන ගිය පළාත් සභවක් ලෙසද කලක් විපක්ෂනායකයෙක් නැතිව ක්‍රියාත්මක වූ පළාත් සභාවක් ලෙසද මෙය ඉතිහාසයට එක්වී තිබේ.
දිවයිනේ අනෙක් පළාත් සභා සියල්ල මීට පෙර විසුරුවා හරින ලද නමුත් ඌව පළාත් සභාව පමණක් අද (8) දක්වා ක්‍රියාත්මක විය.
ඉකුත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධූර 34 න් ප්‍රසාද මන්ත්‍රී ධූර 2ක් සමඟ මන්ත්‍රී ධූර 19 ක් සන්ධානයට හිමිවිය. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 13 ක්ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධූර 2ක් ද හිමිවිය.
ශෂින්ද්‍ර රාජපක්ෂ , හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් පසු 6 වන ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා වූ චාමර සම්පත් දසනායක මහතා වසර 4 ක කාලයක් එම ධුරයේ කටයුතු කළේය .
2025 නොවැම්බර් මස 21
67
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
167
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1019
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඌව පළාත් සභාව අදින් අවසන්
රවින් Tuesday, 08 October 2019 08:26 AM
දෙවියන් ගුරුවරුන්ගේ මුණ බැලුවා කාලෙකට පස්සේ...........
විජය Tuesday, 08 October 2019 08:44 AM
පොත්පත් එහෙම ගානට බැලන්ස් කරල ඇති............