(පාලිත ආරියවංශ)
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බදුල්ල ඌරුමීතැන්න විහාරස්ථානයේ ලෙනක බුදු මැදුරේ සැතපෙන බුදු පිළිමවහන්සේ නිධන් හොරුන් යැයි සැකකරන කිසිවෙකු කඩාබිඳ දමා ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
සැතපෙන බුදුපිළිම වහන්සේගේ සිරස හාරා විනාශ කර තිබූ අතර පිළිමයේ විවිධ ස්ථානවලට ද පහර එල්ලකර ඇති බවද පින් පෙට්ටියේද ඉබ්බා කඩා විවෘත කර තිබූ නමුත් එහි කාසි තිබූ බවද පොලිසිය පැවසීය. බුදු කුටියට යාබදව පිහිටි දේවාලයේද ඉබි යතුරු කඩන්නට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම බුදුමැදුරට නුදුරින් එම පර්වතයේම පිහිටි කුටියක නිධන් සෙවීමේ අරමුණින් කැනීම් කළ සිවුරු ඇඳගත් අයෙකු බදුල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා පොලිසිය වසරකට පමණ පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ නියමවිය. එම තැනැත්තා වසර 3ක් පමණ මෙම විහාරස්ථානයේ ගතකළත් ඔහුට භික්ෂු හැඳුනුම්පතක් හෝ නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
මීට පෙර කැණීම් කළ ලෙන තුළ අන්‍යාගමික නායකයකුගේ ඡායාරූපයක් දමා ගොස් තිබිණි. එය පොලිසිය නොමග යැවීමට කළ දෙයක් වියහැකි බව පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධියෙන් පසු විහාරස්ථානය වසා දමා භාරකාරත්වය කහටරුප්පේ විමලකිත්ති හිමියන්ට ලබාදී තිබිණි.
විමලකිත්ති හිමියෝ සිද්ධිය මෙසේ විස්තර කළහ.
“මම ඉන්නේ මගේ කහටරුප්ප පන්සලේ. මේ පන්සල වහල තිබුණේ. පුරාවිද්‍යාත්මක විමර්ශනයක් සඳහා ඒ නිලධාරීන් 23 දා සවස ආවා. ඔවුන් සමග ගමේ අයත් ගිහින් බලනකොට බුදුගෙයි දොර ඇරලා. ඊට පස්සේ තමයි බුදුපිළිමයට කළ විනාශය දැක ගන්න ලැබුණේ. දැන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා” යැයි උන්වහන්සේ පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පුරා විද්‍යා ආරක්ෂණ පොලිසිය විමර්ශන පවත්වයි.






2025 දෙසැම්බර් මස 04
40
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
341
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
359
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌරුමීතැන්න පුරාණ විහාරස්ථානයේ බුදුපිළිමය විනාශ කරලා