(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේදී, යාපනය සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් අද (22) උදෑසන තරුණයෙකු මිය ගොස් ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.
මිය ගිය තරුණයා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මදුෂාන් දිලින්ද ජයවීර නැමති අයෙකි.
දුම්රිය මාර්ගය අසළ සිටීමෙන් හෝ පා පුවරුවේ ගමන් කිරීමේදී වැටීමෙන් හෝ මෙම මරණය සිදුව ඇති බවට වවුනියාව පොලීසිය සැක පළ කරයි.
මිය ගිය තරුණයාගේ මළ සිරුර වවුනියාව මහරෝහලට ගෙනැවිත් ඇත.
වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd