(මොහොමඩ් ආසික්)
පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් උඩහිඟුල්වල පතිරාදවත්ත ප්‍රදේශයේ නිවසක සිය පුතා සමඟ පදිංචිව සිටි දෙදරු මවක් නිවස තුළ මිය ගොස් සිටියදී අද (01) හමුවී තිබේ. මළ සිරුරෙහි බාහිර තුවාල දක්නට ලැබුණු බැවින් මෙය සැක සහිත මරණයක් ලෙස පරීක්ෂණ පැවැත්වීමට තීරණය විය.
පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය හාරිස්පත්තුව ගලසියපත්තුව හදිසි මරණ පරීපක්ෂක එල්.බී.ඩබ්ලිව්.සේනාරත්න මහතාට දන්වා මූලික හදිසි මරණ පරීක්ෂණය පවත්වා ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ උඩහිඟුල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි පහළ ගෙදර සීලවතී නැමැති 62 හැවිරිදි දෙදරු මවකි.
මෙම මරණය සම්බන්ධයෙන් ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කරනු ලැබ ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
පූජාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත බණ්ඩාර මහතා සමඟ පොලිස් පරික්ෂක මහින්ද රාජපක්ෂ පොලිස් පරීක්ෂක නාරද යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ කටයුතු කරති.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උඩහිඟුල්වල නිවසක දෙදරු මවකගේ සිරුරක්