(රංජිත් රාජපක්ෂ)                     

බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇතැයි වටවල පොලිසිය පවසයි.

දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ සිරුර එම දුම්රියේම රැගෙන ගොස් නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත බාර දීමට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පියවර ගන්නා ලදී.

මිය ගිය පුද්ගලයාගේ  අනන්‍යයතාවය මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර අනතුර සම්බන්ධයෙන් වටවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.