(ඩී.කේ.රත්න)
ඌවපරණගම මොරගොල්ල ගල්වත්ත ඉස්ලාම් පල්ලියට හොර රහසේ ඇතුළු වී එහි මුදල් සේප්පුව බිඳ මුදල් සොරකම් කළ පුද්ගලයකු අද (18) අත්අඩංගුවට ගෙන ඇතැයි ඌවපරණගම පොලීසිය පවසයි.
අදාළ ඉස්ලාම් පල්ලියේ වූ සිසීටීවී කැමරා දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශන අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙන අතර මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකි.
මෙම ඉස්ලාම් පල්ලියට මීට ප‍්‍රථම කිහිප වතාවක්ම සොරුන් ඇතුළුව තිබීමෙන් පල්ලියේ බාරකාරත්වය විසින් සීසීටීවී කැමරා සවි කිරීමට කටයුතු සිදු කර ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.