(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයට නුදුරින් අද (28) පුද්ගල මළ සිරුරක් හමු වූ බව හපුතලේ පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන රාජ් මෝහන් නමති හපුතලේ ඉදල්ගස්හින්න පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවට හපුතලේ පොලීසිය හඳුනාගෙන තිබේ.
මොහු ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය නුදුරුව කූඩාරම් ගසා කඳවුරක් ඉදි කරමින් සිටි බවට තොරතුරු හෙළිවී තිබේ.
එම ස්ථානය තිබී මෙම මළ සිරුර හමුවී තිබේ.
හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd