(විජේරත්න රත්නායක)
ඇල්ල හෙළ පුපුල ප්‍රදේශයේ නිවසක තිබී දින කීපයක් පැරණි යැයි සැකකෙරෙන පුද්ගල මළ සිරුරක් ඇල්ල පොලීසිය විසින් අද (7) සවස සොයා ගනු ලැබීය.
මෙසේ මියගොස් ඇත්තේ ඇල්ල හෙළ පුපුල පාසල අසළ නිවසක විසූ ආරුමුගම් නමැති වයස අවුරුදු 75 ක පුද්ගලයෙකි.
මෙම නිවසේ සෙසු සාමාජිකයින් දැනට දින කීපයකට පෙර කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට ගොස් ඇති බව පැවසෙන අතර අද දහවල් මෙම නිවස දෙසින් දැණුනු දුගඳක් පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව මළ සිරුර සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd