IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇල්පිටියේ ලංගම බස් වර්ජනයක්

(බී.ජී. අමරසිංහ සහ ඩී.ජේ. විජේසිංහ)

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඇල්පිටිය ඩිපෝවේ සියලුම සේවකයෝ අද (16) වැඩවර්ජනයක නිරතවූහ.

බස් ධාවනයෙන් ඉවත් වූ සේවකයින් ඇල්පිටිය ඩිපෝව ඉදිරිපිට විරෝධතාවයක් ද පැවැත්වූහ.

ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය සංවිධානය කරනු ලැබූ මෙම වැඩ වර්ජනයට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් ද සහයෝගය දක්වා තිබේ.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිය මෙම වර්ජනයට එක්ව නොමැති බවද කියති.

වැඩි කළ රුපියල් 2500 ක මුදල ලබා දෙන ලෙස හා තවත් ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් බස් රථ 25 ක් හා රියැදුරු මහතුන් හා කොන්දොස්තර මහතුන්  මෙම වැඩ වර්ජනය සඳහා එක්ව සිටි අතර මේ වන විට ධාවනය සඳහා ඇල්පිටියෙන් පිටත්ව ඇති බස් රථ කිහිපයක්ද නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවද කියති.

හෙට දිනය වන විට තම ඉල්ලීම් සඳහා යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් පවත්වන බවද සේවකයෝ පවසති.



අදහස් (0)

ඇල්පිටියේ ලංගම බස් වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site